සංචරණ සීමා හේතුවෙන් දෛනිකව ජීවත්වීමට ඉපයීම් කළ පුද්ගලයින්ගේ ආර්ථික අපහසුතා මඟහැරවීමට පසුගිය කොවිඩ් රැල්ලේදී මෙන්ම මෙවරත් රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය සැලසුම් කර තිබේ.
ඒ අනුව එළඹෙන සතියේ සිට යළිත් වරක් රුපියල් 5,000 දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.
එම රු .5000 දීමනාව රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත ලබාදෙන බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසයි.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ,
“දෛනිකව ජීවත්වීමට ඉපයීම් කරපු සියලුම දෙනාට, වෙනත් අදායම් නැති අයට, රජයේ සේවකයන් නොවන අයට රුපියල් 5000ක දීමනාවක් දීගෙන යනවා. ජල බිල්පතේ සහනයක් නෑ. සහනය තමයි ප්‍රමාද වී ගෙවන්න. හැමෝටම නෙමෙයි. කොවිඩ් ආසාදිතයෙක් නම් හෝ නිරෝධායනය වෙනවා නම් පමණයි.”














බොඩ්ම් වෙලා ජොබ්බෙකක් කරන අයට, ඇඟලුම් කර්මාන්තයේ, එවට බොඩ් කුලිය ගෙවන්න හරි, 5000 දෙනවනම් හොදයි එ අයටත්, මම, මම පඩිය 30000 කොරොනා නිසා ඔටි නැ, බොඩ්ම් කුලිය 14000 යි, අ
Mewa apita labenne.inneth mamai.ammai.daruwo dennai.giya para gaththeth masayakata passe.
දෙනවනම් ඔකෝටම දෙන්න.