සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව යළි ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇත. එම දීමනාව ලබා දිය යුතු පිරිස් හඳුනාගෙන කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ජීවනෝපාය පිළිබඳ කමිටුවට දැනුම් දී ඇත.
එම වාර්තාව පදනම් කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ තීරණය මෙම සති අන්තයේ ගන්නා බව ඇමැති නාමල් රාජපක්ෂ ඇමැති මණ්ඩලයට ඊයේ (24 වැනිදා) දැනුම් දී තිබේ.
පළමු කොවිඩ් රැල්ල සමයේද රජය අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දෙන ලදී.
උදයජීව ඒකනායක














පන්දාහේ දීමනාව දෙන එක ගොඩක් වටිනව මේ වෙලාවෙ හැටියට. අහින්සක එදා වේල හම්බකරගත්ත මිනිස්සු දැන් අනාත වෙලා ඉන්නෙ මේක හින්ද …. ඒක හින්ද හැකි ඉක්මනින් 5000 දීමනාව ලබා දෙන්න. එය ලබා දෙන කාලයේ සුරා සැල් වසා තබන්න …. පුලුවන් නම් සතොසෙන් බඩු මල්ලක් බෙදන්න එතකොට අහින්සක මිනිස්සු කාල හරි ඉදීවි ….