spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්

හෙට (14) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර විභාගය සඳහා සිසුන් 337,596 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි. ඒ සඳහා ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2888ක්.

මේ දිනවල පවතින අයහපත් කාලගුණයේ බලපෑම නිසා හෝ වෙනත් හදිසි තත්ත්වයකදී විභාග මධ්‍යස්ථානයට පැමිණීමට බාධා මතුවන දරුවන්ට, ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ විභාගය ආරම්භයට පැය භාගයකට පමණ පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසට දෙමව්පියන්ට සහ දරුවන්ට දැනුම් දෙන බවයි.

හෙට දිනයේ යම් විභාග මධ්‍යස්ථානයක් ආපදා තත්ත්වයක් මත ගැටලුවකට මුහුණ පා තිබුණහොත් එහි විභාගය ලිවීමට සූදානමින් සිටින දරුවන් ඒ ආසන්නයේ ඇති වෙනත් විභාග මධ්‍යස්ථානයක් වෙත යොමුකර විභාගයට මුහුණ දීමට පහසුකම් සපයන බව ද කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු ද අද පස්වරුව වන විට අවසන් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?