5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්

හෙට (14) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර විභාගය සඳහා සිසුන් 337,596 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි. ඒ සඳහා ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2888ක්.

මේ දිනවල පවතින අයහපත් කාලගුණයේ බලපෑම නිසා හෝ වෙනත් හදිසි තත්ත්වයකදී විභාග මධ්‍යස්ථානයට පැමිණීමට බාධා මතුවන දරුවන්ට, ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ විභාගය ආරම්භයට පැය භාගයකට පමණ පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසට දෙමව්පියන්ට සහ දරුවන්ට දැනුම් දෙන බවයි.

හෙට දිනයේ යම් විභාග මධ්‍යස්ථානයක් ආපදා තත්ත්වයක් මත ගැටලුවකට මුහුණ පා තිබුණහොත් එහි විභාගය ලිවීමට සූදානමින් සිටින දරුවන් ඒ ආසන්නයේ ඇති වෙනත් විභාග මධ්‍යස්ථානයක් වෙත යොමුකර විභාගයට මුහුණ දීමට පහසුකම් සපයන බව ද කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු ද අද පස්වරුව වන විට අවසන් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14