40කට මරු කැදවු බන්ධනාගාරයක ගින්න

අද (08) අලුයම ඉන්දුනීසියාවේ බැන්ටන් පළාතේ බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අධික පිරිසක් රඳවා සිටින මෙම බන්ධනාගාරය තුළ අද අලුයම 1ට පමණ ඇවිලී ඇති ගින්න අලුයම 2පමණ වන විට නිවා තිබෙනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පුද්ගලයින් 122ක් පමණ රඳවා සිටින ස්ථානයක ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

azzZ
OI7J66JSVBLPFHYIY5TMFAMOSM