“දැන් ඉන්න චූටි මල්ලිලා දන්නේ නෑ” – යට ඇඳුම් ගැන බන්දුලගෙන් අපූරු කතාවක්

ජනතාව රෙදිපිළි සැපයුම පිළිබඳව සැකයක් ඇති කරගත යුතු නැති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඇඟළුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සඳහා එක් වෙමිනි.

දැන් ඉන්න චූටි මල්ලිලා නොදන්න දෙයක් ගැනද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළ අතර ඔහු පැවසූවේ යට ඇඳුම් ඇතුළු ඇඟළුම් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් රට තුළම නිෂ්පාදනය කළ බව එය දැන් ඉන්නා චූටි මල්ලිලා නොදන්නා බවයි.

ඉතාම දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ දී ඇති අවස්ථාවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ණය පාලනය කිරීම සඳහා ණයවර ලිපි කාසි ආන්තිකය ඉහළ නැංවීමේ උපක්‍රමයක් භාවිතා කර තිබෙන බවත්, එය භාණ්ඩ ආනයනය කිරීමක් හෝ නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වන බදු ප්‍රතිශතය වැඩි කිරීමක් සිදු කර නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මිළ වැඩිවීමක් නෑ

ඒ අනුව කිසිදු ලෙසකින් මෙම භාණ්ඩ වල මිළ වැඩිවීමක් හෝ ආනයනය සඳහා ගැටළුවක් ඇති වී නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාමින් සිටින මෙරට ආර්ථිකය සුරක්ෂිත කරගැනීම සඳහා නිෂ්පාදන ආර්ථිකයේ දායකත්වය පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙහිදී භාණ්ඩ ආනයනය කරන දිශාවට මුදල් ගලා යාම අධෛර්යමත් කිරීම සඳහා මෙරට බැංකුවකින් ණයවර ලිපියක් නිකුත් කරන විට මුළු වටිනාකමම තැන්පත් කිරීම සිදුව ඇති බවයි.

ඉල්ලුමට සැපසුම දෙන්න සූදානම්

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 1977ට පෙර සිට දේශීය නිෂ්පාදනය තුළින් සිදු වූ මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන භාවිතා කිරීමේ ප්‍රවණතාවය, විවෘත ආර්ථිකය තුළ මඳ පසුබැස්මක් ලද බැවින් ආනයනිත භාණ්ඩ කෙරෙහි පුද්ගල ආකර්ෂණය වැඩි වශයෙන් ඇති වූ නමුත් මේ වන විට මෙරට නිමි ඇඳුම් සඳහා ලොව පුරා පවතින ඉල්ලුම සපුරන අතරතුර මෙරට ජනතාවට අවශ්‍ය නිමි ඇඳුම් 100%ක්ම සැපයුම් කිරීමටත්, ඕනෑම ප්‍රමාණයකින් සිය නිෂ්පාදන නිකුත් කිරීමටත් මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය සූදානම්ව සිටින බවයි.

විපක්ෂය විසින් මෙම ඇඟළුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ලද සාවද්‍ය ප්‍රචාරයන්ට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙතෙක් කාලයක් මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයට නොලද අවස්ථාවක් ලබා දෙමින් වර්තමාන රජය විසින් දේශීය නිෂ්පාදන දිරිගැන්වීම තුළින් ආර්ථිකය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම තුළ සමස්ත මහජනතාවට ලොව ප්‍රකට සන්නාම වලින් යුත් නිමි ඇඳුම් ලබා ගැනීමේ හැකියාව තවදුරටත් ව්‍යාප්ත කරනු ලැබීම අගය කළ යුතු කරුණක් බවයි.

“හෙට ඉඳන් ඇඳුම් නෑ” 

සෑම නිෂ්පාදනයක්ම පිටරටින් ආනයනය කිරීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් නොවන බව ප්‍රකාශ කළ ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වන ලදී. “ඇමෙරිකානු ඩොලර් බිලියන 5කට වඩා වැඩි ආදායමක් මෙරටට ගලා එන ක්ෂේත්‍රයක් වශයෙන් ශ්‍රී ලංකාව තළ සිදුවන අපනයන ඇඟළුම් ක්ෂේත්‍රය පෙන්වා දිය හැකී. ඇඟළුම් සඳහා කීර්තියක් උසුලන අපේ රට තුළ ලොව ප්‍රචලිත වික්ටෝරියා සීක්‍රට්ස් වැනි සන්නාමයන්ගෙන් යුත් නිෂ්පාදන සිදු වනවා. මේ හේතුවෙන් ඉහළම ප්‍රමිතියෙන් යුත් ඇඟළුම් නිෂ්පාදන ධාරිතාවය ඉතාම ප්‍රමාණවත්. දේශීය ඥානය ලබා ගනිමින්, මෙරට ආර්ථික ගැටළු විසඳීම සඳහා දිගු කාලීන ක්‍රමවේදයක් වශයෙන් නිෂ්පාදන ආර්ථිකය දිරි ගැන්වීමට කටයුතු කළ වර්තමාන රජයට බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුයි. ඒ අනුව හෙට ඉඳන් ඇඳුම් නෑ මතවාදය ප්‍රචාරය කළ සෑම දෙනාම දේශීය සන්නාම ප්‍රවර්ධනයට එක් විය යුතු බවත් මේ අවස්ථාවේ දී ප්‍රකාශ කළ යුතුයි.”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම මාධ්‍ය හමුවේදී පළ කළ අදහස් ඇතුළත් වීඩියෝව පහතින්,

https://youtu.be/3KZ9fvDMrlQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09