කොරෝනා මට අත වනනවා- දොස්තර නෑ බෑ කියනවා

වැලිගම නගරයේ අර්ෆා මහා විද්‍යාලයේ දි කොවිඩ් එන්නත් කරන බවට ලද තොරතුරු මත එම ස්ථානයට විශාල පිරිසක් පැමිණ සිටියත් පැමිණි සියලු දෙනාටම එන්නත් ලබාදීමට නොහැකි බවට පැවසිම සමග එම ස්ථානය අසලදී නොසන්සුන්කාරී තත්වයක් ( 01 ) දින දහවල් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයේ අලුත් වීදීය , ගල්බොක්ක නැගෙනහිර / බටහිර , හෙට්ටිවීදිය , පරණ කඩේ , වලාන ,මුදුගමුව නැගෙනහිර සහ බටහිර ග්‍රාම සේවා වසම් වල අවුරුදු 30- 60 අතර පසුගිය ජුලි 25 දින මෙම ස්ථානයෙ දි පළමු එන්නත් මාත්‍රාව ලබාගත් අය සදහා දෙවන එන්නත් මාත්‍රාව (01 ) දින උදැසන සිට ලබාදීමේ කටයුතු සැලසුම් කර තිබු අතර එ සදහා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා.

මෙහිදී බටවල , පාතේගම , දෙණිපිටිය , කඩෙිවත්ත , පැලැන , වලාන , මුදුගමුව , ආදි ප්‍රදේශ රැසක දහසකට අධික පිරිසක් පළමු එන්නත ලබා ගැනිමෙි බලාපොරොත්තුවෙන් මෙම ස්ථානය වෙත පැමිණ සිටීමෙන් පසුව පැමිණි සියලු දෙනාටම එන්නත් ලබා දීමට නොහැකි බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් විසින් දැනුම් දීමෙන් අනතුරුව පැමිණි සිටි ජනතාව අතර නොසන්සුන්කාරී තත්වයක් ඇතිව තිබේ.

කෙසේ නමුත් සෞඛ්‍ය අංශ මගින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුගතව කටයුතු කරන ලෙස විටින් විට ජනතාව දැනුවත් කළ ද එයට අනුගත නොවෙමින් එන්නත් ලබා ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්එම ස්ථානය අසලට පැමිණි ජනතාව නොසන්සුන්කාරීව හැසිරෙන ආකාරය අප වාර්තාකරු ගේ කැමරාවේ මේලස සටහන් වුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46