Online ඉගෙනගන්න දරුවන්ට ගෙවීමේ ක‍්‍රමයට ටැබ් ලබාදෙන ක්‍රමය

මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතට පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළත් කර පිරිවෙන් 300 ක් සඳහා ටැබ් පරිගණක 10 බැගින් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන්වහන්සේලාගේ හා සිසුන්ගේ අධ්‍යාපනික හා විෂය සමගාමි ක්‍රියාකාරකම් සාර්ථක ව පවත්වාගෙන යාම සඳහා මේ දිනවල අත්‍යවශ්‍ය වන අන්තර්ජාල හා තාක්ෂණික පහසුකම් සැලසීම විධිමත්කිරීම සම්බන්ධයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

උද්ගතව ඇති Covid – 19 වසංගත රෝග ව්‍යාප්තියත් සමග ම පාසල් අධ්‍යාපනය මෙන්ම පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන්වහන්සේලාගේ හා සිසුන්ගේ අධ්‍යාපනික අවස්ථා සුරක්ෂිත කිරීමේ අභියෝගය ජයගැනීම  ප්‍රමුඛතම අවශ්‍යතාවක් වී තිබේ.

පිරිවෙන්වල අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමවේදයන්ට අනුව පවත්වාගෙන යාමේදී ඇතැම් පිරිවෙන්වලට දුරකථන සමාගම්වලින් සැපයෙන  3G – 4G සංඥා ආවරණය දුර්වලවීමේ ගැටලුව පිළිබඳත් සාකච්ඡා විය.

දිවයින පුරා මාර්ගගත අධ්‍යාපනය ලබන බොහෝදෙනාට එම ගැටලුව පැන නැගී තිබෙන අතර ඒ සඳහා දැනට දුරකථන සංඥා ආවරණය හොඳින් ලැබෙන ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල  ඊ – තක්සලාව මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කර දුරකථන සංඥා දුර්වල පිරිවෙන්වල භික්ෂූන්වහන්සේලා හා සිසුන් ඒ සදහා යොමු කර මාර්ගගත අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

එසේම ඉදිරි වසර දෙක තුළ ඒ සඳහා ස්ථීර විසදුම් ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

පාසල් 1000 ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) සකස් කිරීමේ ව්‍යාපෘතියට පිරිවෙන් කිහිපයක් ඇතුළත් කරනවා.

තරුණ සේවා සභාවේ හා ජාතික අධ්‍යාපන ආයතනයේ ශබ්දාගාරය ලබාදී ඔවුන්ගේ මැදිහත්වීමෙන් පිරිවෙන් අධ්‍යාපන අංශයේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) සඳහා අවශ්‍ය විද්‍යුත් ඉගෙනුම් අන්තර්ගතයන් (E-Contents) නිර්මාණය කරදෙනවා.

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහා 2022 වර්ෂයට ප්‍රතිපාදන වෙන් කිරීමේ දී සෑම පිරිවෙනකට ම පරිගණක කට්ටලය බැගින් ලබාදෙනවා.

සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල සිටින පාසල් දරුවන්ට සහනදායි ගෙවීමේ පදනම මත ලබා දෙන ටැබ් යන්ත්‍ර ව්‍යාපෘතියට පිරිවෙන් ශිෂ්‍යයන් ද ඇතුළත් කරනවා.

පිරිවෙන් අධ්‍යාපනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් සකස් කෙරෙන දාහතරවෙනි සැටලයිට් නාලිකාව වෙන් කරදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල ශ්‍රී රතනජෝති පිරිවෙන් විද්‍යායතනය හා කොත්මලේ, අඹතලේ ශ්‍රී ප්‍රඥාප්‍රදීප පිරිවෙන් විද්‍යායතනයේ ක්‍රීඩා පිටි සංවර්ධනයට රුපියල් මිලියන තුන බැගින් ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද නාහිමි ඇතුළු පිරිවෙන් අධ්‍යාපන පද්ධතියේ සියලු ම නියෝජ්‍ය හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හා ගුරු උපදේශක හිමිවරුන් හා මහත්වරුන්, පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයින්, සියලු ම පිරිවෙන් නියෝජනය කරමින් දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී – පරිවේණාධිපති සංගම්වල සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික හිමිවරුන්, දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමා, දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්.හරිස්චන්ද්‍ර මැතිතුමා ඇතුළු නිලධාරින් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය.
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්  ධ න  රාජ්‍ය අමාත්‍යාංශය

  1. රජය සේවකයින් දරුවන් සඳහා මෙම පහසුකම් ලබා දුන්නා නම් හොඳයි .මොකද රජය සේවකයින් දරුවන්ට සමහර අවස්ථාවල මෙම පහසුකම් ලබා ගැනීමට අපහසු අවස්ථා ඇත ..රජය සේවකයින් නිවාස වල මෙම ගැටලු ඇත .

  2. සහනදායී ක්‍රමයකට සියලුම පාසල් යන දුවා දරුවන්ට මෙය ලබාදිය යුතුයි ☝️රාජ්‍ය👉පෞද්ගලික👉වෙළඳ👉සමුර්දි👉හෝ 👉වෙනත් කිය කිය වෙන් කිරීම අසාධාරණයි, හැම දරුවෙක්ම අපේ රටේ දරුවෝ, හැම දෙමාපියෙක්ම බදු ගෙවනවා කුමන හෝ ආකාරයකින් රජයට …..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53