තම උපන්දිනය දා බිළිඳුට ජීවිතය දී ‘කොවිඩ් මරුවා සමග යන්න ගිය’ ආදරණිය අම්මාගේ කතාව

ධීවර කර්මාන්තයේ නිරත සැමියෙකු මුහුදු ගොස් පැමිණෙන විට ගැබිණි බිරිඳ කොවිඩ් වැළඳී මියගොස් සිටි පුවතක් පසුගිය දා වාර්තා කළා.

එම පුවතට සම්බන්ධ වැඩිදුර තොරතුරු රැසක් ඉරිදා පුවත්පත්වල පල කර තිබෙනවා.

දරු ප‍්‍රසූතියෙන් පසු හෝමාගම රෝහලේදී මරණයට පත් වූ දීප්ති ප‍්‍රමෝදා දුලාංජලී පිළිබඳව එම වාර්තා ඇසුරින් සැකසුණු ලිපියකි මේ.

ඇය පදිංචිව සිටියේ මාරවිල උතුරු තොඩුවාව, ලූර්දු මාවතේය. දෙවන දරු ප‍්‍රසූතියට සූදානම් ව සිටි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා නෙවිල් ප‍්‍රනාන්දු රෝහලටත් එතැනින් හෝමාගම රජයේ රෝහලටත් ඇතුළත් කෙරිණි.

වෛද්‍යවරු ඇය පත්ව සිටින අවදානම තේරුම් ගත්හ. ඒ අනුව සිසෙරියන් සැත්කමකින් ඇයගේ දරුවා නිරුපද්‍රිතව බිහිකරන්නට ඇයට හැකිවිය. නමුත් කොරෝනා මාරයාගෙන් ගැලවෙන්නට ඇයට නොහැකි විය.

ඇයගේ තිස්වන උපන් දිනය යෙදී තිබුණු ජුනි විසි වැනිදා ම ඇය සියල්ල අතහැර නික්ම ගියාය. කොරෝනා නොවැලඳුනු සිඟිත්තියගේ මුහුණ බැලීමට වත් ඇයට නොහැකි වූවාය. අවුරුදු හතක් වයසැති වැඩිමල් පුතනුවන් තවමත් අම්මා එතැයි පාර බලනවා ඇත.

ඇගේ ධීවර රැකියාවේ නියුතු සැමියා දින පනහකට පසු නිවසට පැමිණීමේදී මෙම පුවත අසා බෙහෙවින් කම්පාවට පත් විය.

”අනේ මම මොනතරම් බලාපොරොත්තු ඇතිවද ගෙදර ආවේ. එයා ගෙදරින් එළියට වත් යන්නේ නෑ. කොහොම කොරෝනා හැදුනද කියලා හිතාගන්නවත් බෑ.

දැන් ඉතිං දරු දෙන්නයි මමයි තනිවුණා. අපි ධීවර රැකියාව කරන්නේ දින මාස ගණන් අපි ඉන්නේ ගැඹුරු මුහුදේ. අපි ගෙවල්වල නොහිටියාට ළමයින්ගේ ඉගෙනීමේ කටයුතු ඔක්කොම හොයල බලලා එයා කරනවා.

එයාගෙ උපන් දිනය දවසෙ ම එයා යන්න ගියා. මට ළඟට වත් එන්න බැරි වුණා. පුතත් එක්ක නිරෝධායනයට යන්න වෙලා. අවසන් කටයුතුවලටත් යන්න බෑ. අනේ හැමෝගෙන්ම ඉල්ලන්නේ මේවගේ දුකකට පත් වෙන්න එපා. කොරෝනා මාරාන්තිකයි. හරියට පරිස්සම් වෙන්න. නැත්නම් තමන්ගෙ ආදරණීය අයගෙන් වෙන්වෙන්න වෙයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21