30 වනදායින් පසු ඇදිරි නීතිය තවත් දීර්ඝ කරයි? සෞඛ්‍ය ඇමති ගෙන් විශේෂ ප්‍රකාශයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ නියමිත කාලය දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව රජය මෙතෙක් තීරණය කර නොමැති බවයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය මධ්‍යයේ රට වසා දමන ලෙස විවිධ පාර්ශවවලින් කෙරෙන ඉල්ලීම් හේතුවෙන් 21 වනදා සිට 30 වනදා දක්වා හුදෙකලා ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට රජය පසුගිය 20 වනදා තීරණය කර තිබුණි.

එවැනි තත්වයක් තුළ 30 වෙනිදායින් පසු දින කිහිපයක් රට අඛණ්ඩව රට වසා දමන තත්වයට පත් වේද? සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

එමෙන්ම,රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය තවත් දින 10කින් දීර්ඝ කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. පවතින මෙම ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම එන්නත්කරණය පමණක් නොවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ.

වැඩි ප්‍රතිශතයකට එන්නත් ලබාදීමට වඩා අවුරුදු 60ට වැඩි කණ්ඩාමට එන්නත් ලබාදීම වැදගත් බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ. එන්නත්කරණ මේ ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම නොවන බවත් ඉක්මනින් වැඩි ප්‍රතිශතයකට එන්නත්කරණය සිදු කිරීමට යාමෙන් අත්‍යාවශ්‍යම අය අවුරුදු 60ට වඩා වැඩි කණ්ඩායම මගහැරුණ බව සඳහන් කළා.

එන්නත් ක්‍රියාවලියෙන් පමණක් ‌මේ රෝගීන් වැඩිවීම නැවැත්වීම කළ නොහැකි බවත් මෙම තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා අවශ්‍ය වන බවද වෛද්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම මේ ර‌ටේ වසංගත රෝග විද්‍යා අංශයේ අවුරුදු 21ක් සේවය කළ රාජ්‍ය සේවකයෙක් හැටියට මේ සංචරණ සීමා කාලය අඩුම තරමින් තව දින 10ක් දීර්ඝ කිරීමට ඉල්ලා සිටින බවයි මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවේ.

මේ අතර,රත්නපුර ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ ගිලන්රථ රියදුරෙක් ද කොවිඩ් ආසාදිතව ඊයේ (22) මියගොස් තිබුණි. වසර 20ක කාලයක් ගිලන් වූ ජනතාව වෙනුවෙන් සේවය කළ 57 හැවිරිදි බී.ඒ. අමරජීව මහතා නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොවිඩ් ආසාදිතව මියගිය පළමු ගිලන් රථ රියදුරා වන්නේද ඔහුය. මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ ඊයේ පස්වරුව වනවිට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහ රැසක් තැන්පත් කර තිබුණි. කොවිඩ් ආසාදිතව එම රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් රෝහලට ඇතුළත් කරගන්නා තෙක් ඔවුන්ට පැය ගණනාවක් රැඳීසිටීමට ද සිදුවී තිබේ.

මේ අතර දෛනිකව හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,000 ඉක්මවමින් ඊයේ නව ආසාදිතයින් 4,304 දෙනෙකු හඳුනා ගැනුණි. දෛනික ආසාදිතයින් 4,000 සේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වෙයි. ඉන් 22 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 390,000 දක්වා ඉහළ ගියේය.

ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 342,159 කි. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 40,475 ක් වෙයි. මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,366 දක්වා ඉහළ ගොස් තිබේ. දැනට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් V, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයින් 52,417 දෙනෙකුට ලබා දී ඇත.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මකය. මෙතෙක් පළමු මාත්‍රාව ලබානොගත් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතළ රෝගාබාධ සහිතව එක්තැන්ව සිටින පුද්ගලයින්ට නිවසටම ගොස් එන්නත ලබාදීමේ යුද හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහනද ක්‍රියාත්මක වේ.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් ගණන 01 කෝටි 20 ලක්ෂ 96,630කි. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද ලක්ෂ 56 ඉක්මවා තිබේ.

මේ අතර රත්නපුර සිරිමාවෝ බණ්ඩාරනායක ආයුර්වේද මහ රෝහලේ ප්‍රජා සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය සුසන්ත ජයවික්‍රම මහතා පවසන්නේ කොවිඩ් රෝගය සඳහා ආයුර්වේද සහ බටහිර මිශ්‍ර වෛද්‍ය ප්‍රතිකාර ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
00:00
Video thumbnail
නලින්දට අනගාතයේ දී අනිවාර්යෙන් දඬුවම් දෙනවා
01:24
Video thumbnail
තව ටිකක් කල් යනකොට දෙයියන්ගෙම පිහිටයි - දොලවත්ත ආණ්ඩුවේ වැරදි කියලා හොඳටම අමතයි
03:34
Video thumbnail
රටම කතාකරපු පුංචි දියණියගේ තවත් වීඩියෝවක් එළියට
00:46
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල බලන්න නිවසට ආ පුලතිසි රාජා - කොහොමද මෛත්‍රිපාලට තියෙන ආදරය
01:40
Video thumbnail
ඇමතිතුමෝ තොට ලැජ්ජාවක් නැද්ද.. ලැජ්ජයි.. ලැජ්ජයි.. ලැජ්ජයි
03:02
Video thumbnail
ජනපති එක්ක මට ඩීල් නෑ - මරික්කාර්ට කේන්ති යයි
17:45
Video thumbnail
සුගීෂ්වර වෙනුවෙන් ආ දයාසිරි කිව්ව දේ - කිසි වෙලාවක පඩි දෙකක් ගත්තේ නෑ
02:31
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - ජයවේවා කියලා ඇවිත් අතත් වනාගෙන ගිය හැටි
02:18
Video thumbnail
වසන්ත සමරසිංහ ඇමතිකමින් වහාම ඉවත් කරන්න ? - මේ ඩෝබිලව ත#ලන්න ඕනි කබර බාහුවෙන්
18:15