27 වසරක් පැරණි අරවින්දගේ වාර්තාව එංගලන්තයේ දී බිඳ දැමූ නිශාන් මධුෂ්ක

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගය අතර තුර වසර 27ක් පැරණි වාර්තාවක් බිඳ දමන්නට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නිශාන් මධුෂ්ක සමත් වුණා.

ඔහු මෙලෙස බිඳ දැමුවේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන අරවින්ද ද සිල්වා විසින් පිහිටුවා තිබූ වාර්තාවක් වීම විශේෂත්වයක්.

නිශාන් ඊයේ කෙන්ට් පිලට එරෙහිව හතරේ පහර 37ක් සහ හයේ පහර 02ක් සමඟින් ලකුණු 269ක් රැස් කිරීමට සමත් වුණා.

මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එංගලන්තයේ දී පළමු පෙළ තරගයක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි වාර්තා පොත් අලුත් කළේ.

1995 වසරේ ඩර්බිෂයර් පිලට එරෙහිව කෙන්ට් පිල වෙනුවෙන් අරවින්ද ද සිල්වා තබා තිබූ ලකුණු 255 වාර්තාව ඒ අනුව නිශාන් විසින් බිඳ දැමුවා.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන නිශාන් මධුෂ්ක මෙරට පළමු පෙළ පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01
Video thumbnail
අම්මපා කටක් ඇරලා කියන්න පුළුවන් ද.. බුදු දෙයියනේ
11:35
Video thumbnail
"එන්න කියලා ආරාධනාවක් තිබ්බා"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා FCIDයට
01:44
Video thumbnail
සජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි..ඔච්චර රජය ජනප්‍රියයි නම් පළාත් සභා මැතිවරණය තියන්න..
10:10
Video thumbnail
හරිනි මෙහෙම ඔලොමොට්ටල වැඩ කරයි කියලා හිතුවේ නෑ
04:01


?