26 හැවිරිදි පුෂ්පකුමාර ප්‍රියදර්ශන අවසන් ගමන් ගියේ අයුරු

හදිසි පිපිරීමකින් තුවාල ලැබූ බව පවසමින් රෝහල් ගතකර සිටියදී මියගිය විදුලි සේවකයෙකුගේ මරණය, වෙඩි වැදීමකින් සිදුවී ඇති බව ආනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

26 හැවිරිදි පුෂ්පකුමාර ප්‍රියදර්ශන කළුතර දොඩංගොඩ පදිංචිකරුවෙක්.

විදුලිබල මණ්ඩලයේ, වතුගෙදර සීනිගොඩ උප කාර්යාලයේ සේවය කරන ඔහු පසුගිය 30 වැනිදා ඌරගස්මංසන්ධිය, වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ රැහැන් පරීක්‍ෂාවට ගොස් තිබෙනවා.

එහිදී හදිසියේ ඇතිවූ පිපිරීමකින් තුවාල වූ බව පවසමින් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්‍ෂයට පත් වුණා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණේ ඔහුගේ මරණය වෙඩි වැදීමෙන් සිදුවූවක් බවයි.

මියගිය විදුලි සේවකයා හා ඔහු සමඟ සිටි සේවකයින් ඔවුන්ගේ මිතුරෙකු වූ පොලිස් නිලධාරියෙකුට අයත් ගිනි අවියක් මිතුරෙකුගේ නිවසේදී පරීක්‍ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී අදාළ විදුලි සේවකයාට වෙඩි වැදී ඇති බවයි පැවසෙන්නේ.

එහිදී අදාළ පොලිස් නිලධාරියා නිවසේ සිටි නොමැති අතර, සිද්ධිය සැලවී වහා නිවසට පැමිණි ඔහු, තම ගිණිඅවිය සැඟවීමට ක්‍රියා කර තිබෙනවා.

විමර්ශන සිදුකරන අම්බලන්ගොඩ පොලිසිය ඔහු විසින් සඟවන ලද ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා හා සිද්ධිය වන අවස්ථාවේ මියගිය පුද්ගලයා සමඟ සිටි විදුලි සේවකයින් 5 දෙනෙකු ද ඌරගස්මංසන්ධිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිසියට භාරදී තිබෙනවා.

මේ අතර මියගිය පුෂ්පකුමාර ප්‍රියදර්ශනගේ දේහය ඊයේ රාත්‍රියේ දොඩංගොඩ නෑහින්න පිහිටි ඔහුගේ නිවසට රැගෙන ආවා.

ලබන මස විවාහ වීමට දහසක් බලාපොරොත්තු පොදිබැද සිටි ඔහුගේ ජීවිත ඉරණම විසඳී තිබුණේ කිසිවෙකුට සිතාගත නොහැකි අයුරින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09