25,000ක් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති අද, හෙට දැවැන්ත වර්ජනයක – දොස්තරලා සහ හෙද හෙදියන් වර්ජනයට නැහැ

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති දෙසීයකට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

සේවා ශ්‍රේණි භේද නොමැතිව රුපියල් 25,000ක දීමනාවක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර වී තිබෙනවා.

එම වෘත්තීය සමිති පවසන්නේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදීමට පොරොන්දු වූ රුපියල් 25,000ක දීමනාව සියලුම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ලෙසයි.

සංවර්ධන නිලධාරී, තැපැල්, ග්‍රාම නිලධාරී, මිනින්දෝරු, රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය, සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, උසස් අධ්‍යාපන සේවයේ සේවක සංගමය ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සේවාවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තිය සමිති මෙම දෙදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.

මේ අතර දිවයිනේ සියලු ගුරු විදුහල්පතිවරුන් හෙට (09) දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය ලබා දෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සඳහන් කළා.

මේ අතර 1980 වැඩ වර්ජනයෙන් පසුව මෙරට තුළ ක්‍රියාත්මක වන දැවැන්තම වැඩවර්ජනය මෙය වනු බවයි ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර සඳහන් කළේ.

දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය පළකළ ද වර්ජනයකට එක් නොවන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අද (08) සහ හෙට (09) පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් නොවීමට තීරණය කළ බව ඊයේ දැනුම් දුන්නා.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් අනතුරුව හෝ සිය ඉල්ලම් සඳහා ආණ්ඩුව නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සිදුවන බවයි වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43