250 වන නිදහස් දින සංවත්සරයට ඇමරිකානු ගුවන් නියමුවෙක් ඉහළ අහසේ ඇමරිකානු සිතියම අදියි (වීඩියෝ)

ඇමරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් දින සංවත්සරය අදට (04) යෙදී තිබෙනවා.

ඇමරිකානුවන් 250 වන නිදහස් සංවත්සරය සමරන අවස්ථාවේ එය සැමරීම සඳහා විශේෂය නිර්මාණාත්මක ක්‍රමයක් අනුගමනය කළ පුද්ගලයෙක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුවන් නියමුවෙකු වන මෙම ඇමරිකානු ජාතිකයා සැහැල්ලු ගුවන් යානයකින් ඉහළ අහසට නැඟ පැය 06ක් උඩු ගුවනේ ගතකරමින්, ඇමරිකානු සිතියම ආකාරයට යානය පදවා ‘USA 250th’ ලෙස ද යානය පියාසර කරවා තිබෙනවා.

ජූලි 03 වන දින පෙරවරු 6.00ට පමණ නොර්වෝක් හුරොන් ප්‍රාන්ත ගුවන්තොටුපළෙන් මෙම යානය ගුවන් ගතව ඇති අතර, මෙම ක්‍රියාව වෙනුවෙන් ඉන්ධන ගැලුම් 85ක් පමණක් රඳවා ගත හැකි සැහැල්ලු ගුවන් යානයක් යොදාගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් නියමුවා හියෝ ප්‍රාන්තයට ඉහළ අහසේ මෙම ක්‍රියාව සිදුකර ඇති අතර, FlightRadar24 වෙබ් අඩවිය විසින් ඔහුගේ ගමන් මඟ නිරීක්ෂණය කර පහත දැක්වෙන ආකාරයට ප්‍රසිද්ධියට පත්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25