25 හැවිරිදි වියට පා තැබු සුරූපී කාවින්ද්‍යා බුකියේ තැබු සටහන

කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණියයි.

ඒ් විතරක් නෙවෙයි,  රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තූ චරිතයක්.

කාවින්ද්‍යා නිතරම වගේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන වෙනවා. ඒ් වාගේම ඇය තුළ ටැටු කලාව ගැනත් තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්. 

ඇය මේ වනවිට ටැටු 09 කින් සිය සිරුර අලංකාරවත් කරගෙන තිබෙනවා.

ඉතිං ඇයගේ 25 වන උපන්දිනය ඊයේ (20) දිනයට යෙදි තිබුණා. ඒ සඳහා ලැබුණ කේක් එකෙහි ඡායාරූපයක් ද ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමට එක කළා.

අනතුරුව තම උපන්දිනයට ලැබුණු සුබ පැතුම් ගැන ඇය සටහනක් තබමින් මෙලෙස කියා සිටියා…

අවුරුදු 25 ලබුවාට පස්සේ හරි අමුතු ලස්සන හැඟීමක් ආවා, ඒක කියන්න තේරෙන්නේ නෑ.

කොහෙන් පටන් ගන්න ද කියලා තේරෙන්නෙ නෑ…

මේ පාර උපන්දිනය මට හුඟාක් විශේෂයි, මොකද මම ආදරාය කරන හැමෝම මම ලඟින්ම ඉඳන් මේ උපන්දිනය සැමරුවා. කොහොමත් ලොකු ලොකු party දාන්න අකමැති මම සුපුරුදු පරිදි මගේ පවුලේ අය එක්ක මේ පාරත් උපන්දිනේ හරිම ආදරණීය ලෙස සැමරුවා…

හැම පාරම වගේ මගේ උපන්දිනය දවසට ඔයාලගේ ආදරේ නොඅඩුව මට හම්බුනා, හැබැයි මේ පාර ඒ ආදරේ දෙගුන තෙගුන වෙලා හම්බුනා. ඔයාල ගෙ සමහර message/post කියෙව්වට පස්සේ දවස ගෙවුනේ සතුටු කඳුලු ඇස් වල පුරවගෙන ඒ ආදරේ දරා ගන්න බැරුව…

ඔයාලා ගෙ ආදරේ මාව ජීවත් කරවනවා කිව්වොත් මා නිවැරදියි 

මම පුදුමාකාර පිනක් කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා මේ තරම් ආදරයක් ලබන්න, ඇත්තටම. දෙයිහාමුදුරුවන්ට පිං සිද්ධ වෙන්න, ඔයාල ගෙ ආදරේට පිං සිද්ධ වෙන්න මම පුදුම සතුටකින් දවස ගෙව්වේ සහ අවසන් කරේ….

මට හිතාගන්න බැරි calls/messages/posts වැහි වැහැලා ඊයෙ ඉඳන්… මම හිතනවා ඒවා එකිනෙකට මම reply/answer නොකරාට ඔයාලා මාත් එක්ක අමනාප වෙන්නේ නැති වෙයි කියලා…

ඉතින්, ඔයාලා හැමෝගෙම වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් අරගෙන මට සුබ පැතුම් එක්කල සියලු දෙනාට හුඟාක් ආදරෙයි, හුඟක් පිං

-කවී



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40