25 වන සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ඡායාරුප එකතුව

25 වන සුමති ටෙලි සම්මාන 2020 උළෙලේ ජනප්‍රියම නළුවා හා නිළිය ලෙස සජිත ඇන්තනි නාඩගම්කාරයෝ හා සෙනාලි ෆොන්සේකා නාඩගම්කාරයෝ සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මාන දිනාගත්තේ ‘තාදි‘ ටෙලි නාට්‍යයයි මෙවර හොඳම නළුවා ලෙස ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලිනාටකයේ රඟපෑ රොෂාන් රවීන්ද්‍ර සම්මාන දිනුවේය. හොඳම නිළිය ලෙස ‘අඩෝ‘ ටෙලි නාට්‍යයේ රඟපෑ සමනලී ෆොන්සේකා සම්මාන ලැබුවාය. හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ලෙස සම්මාන ලැබුවේ ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ආනන්ද අබේනායකයි. මෙවර හොඳම ප්‍රාසාංගික ටෙලිනාට්‍යය ලෙස සම්මාන ලබාගත්තේ ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලි නාට්‍යයයි.

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සම්මාන උළෙල කල් දැමීමටසිදු වුණත් එම වසරේ නිර්මාණ ඇගයීමට ලක් කිරීමට සුමති සම්මාන කමිටුව තීරණය කරඇත. සම්මාන උළෙලේදී රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම තිරයේ දිග හැරෙන සියලු නිර්මාණයන් සාර්ථක නිර්මාණයන් බවටපත් කිරීමට තිරය පිටුපස සිටිමින් මහඟු දායකත්වයක් ලබා දෙන කැමරාකරණය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංගීත අධ්‍යක්ෂණය, වේශ නිරූපනය, කලා අධ්‍යක්ෂණය, ආලෝකකරණය මෙන්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂණය, වාර්තාකරණය, ගවේෂශීලී වාර්තාකරණය, රූපවාහිනී නිවේදක, වෙළඳ දැන්වීම් යන පුළුල් පරාසයන් ඔස්සේ සම්මාන වර්ග 60කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණයන්හිගුණාත්මකබව අගයමින් පිරිනමනු ලබනු ලෑබිණි. සම්මාන පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාළිකාවල 2019 ජනවාරී මස 01දා සිට දෙසැම්බර් 31 දක්වාවිකාශය වූ ප්‍රාසාංගික හා ඒකාංගික ටෙලි නාට්‍යයන්ද විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ඉදිරිපත් වූ වැඩසටහන්ද නැරඹූ උසස්කලා රසඥතාවයෙන් හා සෞන්දර්යාත්මක හා තාක්ෂණික ඥානයෙන් පිරිපුන් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මානය පිළිබඳ තීරණය කරන ලද බව සංවිධානය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56