25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා ඝාතනය කෙරේ

මතුගම – ඩාර්ටන් ෆීල්ඩ් වතු යායෙන් තරුණියකගේ මළසිරුරක් හමු ව තිබෙනවා.

අද (18) පස්වරුවේ මෙම මළසිරුර හමු වී ඇත්තේ අගලවත්ත – දොලහේන හන්දියෙන් ගමන් කිරීමට ඇති කලුපහන මාර්ගයේ දී බවයි වාර්තාවන්නේ.

අදාළ තරුණියගේ ගෙල කොටස තියුණු ආයුධයකින් කපා දමා ඇති බව ද අප වාර්තාකරු පැවසුවා.

නමුත් මෙම ඝාතනය සිදු කළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මතුගම පොලිසිය පැවසුවේ 25 හැවිරිදි වියෙහි පමණ පසුවන තැනැත්තියක් මෙම ඛේදවාචකයට ගොදුරු වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.