සිංදු සහ පිරිත් අතර ප්‍රශ්නයක් නිසා රත්නපුර පතල් වාඩියක ඝාතනයක් (ඡායාරූප)

රත්නපුර, ගිලීමලේ ප්‍රදේශයේ පතලක සේවය කළ සේවකයින් දෙදෙනක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් මියගොස් තිබෙනවා.

කුළු ගෙඩියකින් සහ යකඩ ඉන්නකින් පහර දී ඊයේ (10) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පතල් සේවකයින් තිදෙනෙක් ඊයේ (10) රාත්‍රියේ වාඩියේ නිදාගෙන සිටි අවස්ථාවේ එක සේවකයෙක් එහි තිබූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කර ගීත ඇසීම ආරම්භ කර තිබෙනවා.

එහිදී තවත් සේවකයෙක් ඊට විරෝධය පළකරමින් පවසා ඇත්තේ ගුවන් විදුලියේ පිරිත් ශ්‍රවණ වන ලෙසට නාලිකාව මාරු කරන ලෙසටයි.

එහිදී පුද්ගලන් දෙදෙනා අතර අතර බහින්බස්වීමක් හටගෙන ඇති අතර, පසුව පිරිත් ශ්‍රවණවන ලෙසට නාලිකාව මාරු කරන ලෙස පැවසූ පුද්ගලයාට අනෙක් පුද්ගලයා විසින් කුළු ගෙඩියකින් සහ යකඩ ඉන්නකින් පහර දී වාඩිය තුළ දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගිලීමලේ ප්‍රදේශයේ ම පදිංචි රවින්ද්‍ර අබේනාත් නමැති 52 හැවිදි පුද්ගලයෙක්.

සිද්ධියෙන් පසු අපරාධය සිදුකළ පතල් සේවකයා පළා යෑමට උත්සාහ කිරීමේ දී ඔහු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

මේ පිළිබඳව රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2024 11 11 at 1.44.21 PM
WhatsApp Image 2024 11 11 at 2.00.02 PM
WhatsApp Image 2024 11 11 at 1.59.40 PM
WhatsApp Image 2024 11 11 at 1.59.23 PM
WhatsApp Image 2024 11 11 at 1.56.20 PM
WhatsApp Image 2024 11 11 at 1.44.45 PM



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16