කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පිළිකා ඒකකයට මහල් 10ක නව ගොඩනැගිල්ලක් (ඡායාරූප)

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පිළිකා ඒකකය වෙනුවෙන් මහල් දහයකින් සමන්විත නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම අද (05) සිදු කෙරුණා.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදීයි.

මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පී.ජී. මහීපාල සහ Colours of Courage Trust (Guarantee) Limited හි මහේල ජයවර්ධන සහ ඩයන් ගෝමස් යන මහත්වරුන් අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඊට අවශ්‍ය ශ්‍රම දායකත්වය නොමිලේ සැපයීමට පහසුකම් සලසනවා.

ඊට අදාළ නීතිමය ලියකියවිලිවලට අත්සන් තැබීම ද අද (05) පෙරවරුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිදුකරනු ලැබුවා.

මහේල ජයවර්ධනගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ පිහිටුවන ලද Colours of Courage Trust (Guarantee) Limited පදනම මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සපයනු ලබනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා, නීති උපදේශක එයාර් කොමඩොර් සුරේකා ඩයස් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් ද, මෙම අවස්ථාවට එක්ව සිටියා.

WhatsApp Image 2024 11 05 at 4.00.42 PM 1
WhatsApp Image 2024 11 05 at 4.00.42 PM
WhatsApp Image 2024 11 05 at 4.00.46 PM
WhatsApp Image 2024 11 05 at 4.00.45 PM 2
WhatsApp Image 2024 11 05 at 4.00.45 PM 1
WhatsApp Image 2024 11 05 at 4.00.45 PM
WhatsApp Image 2024 11 05 at 4.00.44 PM 1
WhatsApp Image 2024 11 05 at 4.00.44 PM
WhatsApp Image 2024 11 05 at 4.00.43 PM
WhatsApp Image 2024 11 05 at 4.00.43 PM 1



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42