spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

22 සම්මත කරගත් පසු සර්ව පාක්ෂික ආණ්ඩුවක් – ජනපති කියයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන් අනතුරුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා හෙට (270 දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව අනිද්දා (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුනහොත් එය පළමු වර කියවීමෙන් සතියකට පසු විවාදයට ගැනීමට හැකියාව පවතිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පක්ෂ නායකයන් හමුවූ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන් කටයුතු කරන බවයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද පසුගියදා හිමි වූ අතර ඊට අදාල පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් පසුගිය ජුනි මස 24 වනදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?