spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

22 වන සංශෝධනය සළකා බැලීමට උපදේශක කාරක සභාව අඟහරුවාදා රැස්වෙයි

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සළකා බැලීමට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලබන 04 වැනිදා රැස්වීමට නියමිතව තිබෙනවා.

ලබන 06 සහ 07 යන දෙදින තුළ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂගේ සභාපතීත්වයෙන් රැස්වන කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට ද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

මේ අතර පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුව සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් ‘කෝපා’ කමිටුව සඳහා පත්කරනු ලබන සාමාජිකයින්ගේ නම් ලබන සඳුදා (03) කථානායකවරයා විසින්
ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?