spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

22 වන සංශෝධනය පිළිබඳ විවාදයට දින නියම වෙයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය ලබන ඔක්තෝබර් 06 සහ 07 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟ වී තිබෙනවා.

අද (29) පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අතර පාර්ලිමේන්තුව ඔක්තෝබර් 03 වැනිදා සිට 07 වැනිදා දක්වා රැස් වීමට නියමිත අතර වාචික ප්‍රශ්න සඳහා ලබන සඳුදා (03) දින වෙන් කිරීමට ද තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?