22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනට අදාළ පෙත්සම් සලකා බැලීම අද ඇරඹේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අද (01) දිනයේ ආරම්භ වනවා.

ඒ, අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දීයි.

මෙම ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා කටයුතු කරන අතර, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් මෙහි අනෙකුත් සාමාජිකයින් වනවා.

ඒ, අනුව අද (01) පෙරවරු 10 සිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතව තිබෙනවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වන දින අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමට අවස්ථාව ලබාදී තිබුණා.

එලෙස ලබා දී තිබූ කාලය ඊයේ (31) අවසන් වූ අතර, මීට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 40කට අධික සංඛ්‍යාවක් විවිධ පාර්ශව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතීයේ ආධිපත්‍යයට හානි වන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කරන බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයකට යොමුකරන ලෙසත් ඉල්ලමිනුයි මෙම පෙත්සම්වලින් බහුතරයක් ගොනුකර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40