22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවනවර කියවීමක්වැඩි ඡන්දයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 01ක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පමණක් මීට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරනු ලැබුවා.
ඒ අනුව එය වැඩි ඡන්ද 178කින් සම්මත වුණා.


Update – යාවත්කාලීනකිරීම – 22වෙනි ව්‍යවස්ථා සංශෝධනය තෙවැනි වර කියවීම සම්මත වෙයි.
පක්ෂව ඡන්ද 174
ඡන්දය දීමෙන් වැලකී සිටි ගණන 1.
විපක්ෂය ඡන්ද කිසිවක් ලැබී තිබුණේ නැත.
ඒ අනුව විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත වෙයි
