spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

21 වන සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත අද (06) දිනයේ දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ලැබූ මෙම කෙටුම්පත දේශපාලන පක්ෂ නායකයින්ගේ යෝජනා ලබාගැනීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණා.

මෙම කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉදිරිපත් වූ සංශෝධන යෝජනා ද ඇතුළත්වන නව කෙටුම්පතයි කැබිනට් මණ්ඩලයට අද (06) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.

මේ අතර අද දිනයේ දී විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාවක් සහ වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරාගෙන වගා කරන පුද්ගලයින්ට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?