spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද යෝජනා කෙටුම්පත අද (23) දිනයේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව වාර්තා වනවා.

එම යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් දැනටමත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් එය අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ පසු නීතිපතිවරයාගේ යළි අනුමැතියට ඉදිරිපත් කර ගැසට් කිරීමට පියවර ගන්නා බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය නීතිඥ විජයදාස රාජපක්ෂ සඳහන් කළා.

මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක සහ තවත් නීතීඥවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි වාර්තා වුණේ.

මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තවත් ස්වාධීන කොමිෂන් සභා දෙකක් හදුන්වා දී ඇති අතර එම කොමිෂන් සභා වන්නේ විගණන සේවා කොමිසම සහ ප‍්‍රසම්පාදන කොමිසමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?