අභියෝගවලට මුහුණදීමට ද්වී පාර්ශ්වීය සහ බහු පාර්ශවීය හවුල්කරුවන්ගේ සහාය අවශ්‍යයි – ශෙහාන් සේමසිංහ

ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා රජය සිදුකර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යහපත් ප්‍රතිඵල ශ්‍රී ලාංකීය ජනතාවට ලැබෙමින් පවතින බවත් එසේ වුව ද තව දුරටත් ඒ සඳහා ද්වී පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහාය අපේක්ෂා කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ G-24 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අමතමින් සඳහන් කළා.

අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති අතර, අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ ඍජු විදේශ ආයෝජන මගින් විදේශ ණය ලබාගැනීමකින් තොරව ආර්ථිකය නව වර්ධන මාවතකට යොමු කිරීමේ ක්‍රියාවලියක රජය දැන් නිරතව සිටීන බවයි.

තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මෙවැනි සමුළුවල වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ ද්වී පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහයෝගය සමඟ ලෝකයේ හොඳම භාවිතයන් අනුගමනය කිරීමට රජය කටයුතු කරන බවයි.

මේ අතර අමාත්‍යවරයා ජෛව විවිධත්ව මූල්‍ය සංසදයේ දී අදහස් දැක් වූ අතර, COP 27 හිදී දියත් කරන ලද දේශගුණික සෞභාග්‍ය ​​සැලැස්මට අනුව රටේ ප්‍රමුඛතා සහ ඉදිරි ගමන සම්බන්ධවයෙන් එහි දී අදහස් පළ කළා.

2030 වන විට රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය 35% සිට 70% දක්වා ඉහළ නැංවීමේ ශ්‍රි ලංකාවේ ඉලක්කය බව එහි දී පෙන්වා දුන් අතර, ශ්‍රී ලංකාව RELEASE ශුන්‍ය කාබන් ආර්ථිකයක් බවට පත් කිරීමට රටේ සැලැස්ම සකසන බවත්, ශ්‍රී ලංකාව දැනටමත් සමුද්‍රීය අවකාශීය සැලැස්ම කෙටුම්පත් කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා දැනටමත් වැඩ කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46