2050 දී ඉන්දියාවට වෙන දේ ගැන අදානිගෙන් අනාවැකියක්

වර්ෂ 2050 වන විට ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 30 ක වටිනාකමින් යුක්ත වනු ඇති බවට Adani Group හි නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි සදහන් කරයි.

ටයිම්ස් නෙට්වර්ක් විසින් සංවිධානය කරන ලද ඉන්දීය ආර්ථික සමුළුව අමතමින් ගෞතම් අදානි සදහන් කර ඇත්තේ, 2050 වර්ෂයට ඉතිරිව ඇති දින 10,000 ක පමණ කාලය තුළ ඩොලර් ට්‍රිලියන 25 ක් ඉන්දීය ආර්ථිකයට එකතු වනු ඇති බවයි.

මෙම කාලසීමාව තුළ දී ඉන්දියාවේ සියලු ආකාරයේ දරිද්‍රතාවයන් තුරන්ව යනු ඇති බව ද ගෞතම් අදානි එහිදී සදහන් කළේ.

2021 දී ලොව ධනවත්ම පුද්ගලයින් දෙදෙනා වන එලොන් මස්ක් සහ ජෙෆ් බෙසෝස් ට වඩා ඩොලර් බිලියන 49 ක අතිරේක ධනයක් එකතු කර මුළු වත්කම් ඩොලර් බිලියන 81 ක් දක්වා එකතු කර ඇති අදානි මෙහි දී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම සංඛ්‍යා සහ ශුභවාදී බව විශ්මයජනක වුවද, දින 10,000කින් එම ඉලක්කය කරා යාමට ජාතියක් ලෙස හැකියාව ඇති බවයි.

බිලියන 1.4 කගේ ජීවිත නඟා සිටුවීම සඳහා කෙටි කාලීන මැරතන් තරගයක් ලෙස මෙය සැලකිය හැකිවුවත් එය දිගු කාලීන වේගවත් ගමනක් වනු ඇතැයි ද ඔහු මෙහිදී සදහන් කර තිබේ.

ලෝක බැංකුව දරිද්‍රතාවය පිළිබඳ සිය නවතම වාර්තාව මගින් ඉන්දියාවේ 2011 සහ 2019 අන්ත දරිද්‍රතාවයේ ප්‍රතිශත ඒකක 12.3 ක පහත වැටීමක් සිදුව ඇති බව පෙන්වා දී ඇති අතර ඒ අනුව 2011 සියයට 22.5 ක් වූ එය 2019 දී සියයට 10.2 දක්වා අඩු වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18