spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2048 වෙනකොට අපි සංවර්ධිතයි, දැන් යන්නේ හරි පාරේ – ජනපති

2048 වසර වන විට සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීමේ ගමනට රජය මේ වන විට අවතීරණ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නවීන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සමගින් රට සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

එම ගමන සමඟ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා සටන් පාඨ සහ තර්කවලට යට වී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බව ද අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට අද (06) දින පස්වරුවේ එක්වෙමින්.

කූඹිච්චංකුලම වැව් ඉස්මත්තේදි පැවති මෙම සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් තමන්ගේ ගැටළු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එලෙස ඉදිරිපත්කළ බොහෝ ගැටළුවලට එම අවස්ථවේදීම විසදුම් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර අනෙකුත් ගැටළු විසඳිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

image 30
image 31
image 31
image 32
image 32
image 33
image 33
image 34
image 34
image 35
image 35
image 36
image 36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?