2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

රටේ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වසර වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී සහ පරිසරයට අදාළ ශ්‍රී ලංකාවේ වත්මන් කාර්යභාරය සාම්ප්‍රදායික වැඩපිළිවෙළට සීමා කළ නොහැකි බවත්, එය වඩා ඉදිරියට ගෙන යමින් රටේ ආර්ථික ප්‍රතිපත්තියට මෙන්ම විදේශ ප්‍රතිපත්තියට ද ඇතුළත් කර තිබෙන බවයි.

එසේම දේශගුණික විපර්යාස පනත සහ දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානය ඇති කිරිමට අදාළ පනත නීතිගත කිරීමත් සමඟ පරිසරය සහ දේශගුණික විපර්යාසවලට අදාළ නීතිමය රාමුව රට තුළ නිර්මාණය වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එවන් නීතිමය රාමුවක් අනෙකුත් රටවල දක්නට නොලැබෙන්නක් බවද සඳහන් කළා.

එමෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ (Cop) සමුළුවලදී මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර වේදිකාවලදී ද ශ්‍රී ලංකාව පරිසරය වෙනුවෙන් ඉදිරියට පැමිණ කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා එහි ප්‍රධාන පියවරක් වශයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය මෙරට ස්ථාපිත කිරීමට අදාළ කෙටුම්පත ලබන වසරේ ජුනි මාසයට පෙර නීතිගත කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළා.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා බටහිර දියුණු රටවලින් ලබාදෙන බවට පොරොන්දු වූ මුදල් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යුක්‍රේන යුද්ධයට ඇමරිකාව සහ යුරෝපය මේ වසරේ යොදවා තිබෙන මුදල් දෙස අවධානය යොමු කළහොත් එම මුදල් දේශගුණික විපර්යාවලට මුහුණදීමේ කටයුතු වෙනුවෙන් වසර දෙකකට ප්‍රමාණවත් බවද පැවසුවා.

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී අප්‍රිකාවේ අඩුආදයම්ලාභී රටවලට සහනයක් ලබාදීමට ලොව දියුණු රටවලට බල කරන අතරම නිවර්තන කලාපයේ රටවලට අවශ්‍ය මුදල් තමන්ම සොයාගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා එමඟින් ලෝකයේ දේශගුණික විපර්යාසවලින් කොටසක් නිවර්තන කලාපයේ රටවලට පාලනය කිරීමට හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නා.

“ඵලදායි භූමි පරිහරණයක් සුවදායි දෙරණක්” යන තේමාව යටගේ ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර “ජාතික හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය” එළිදැක්වීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

රත්නපුර දිස්ත්‍රික්කයේ වර්ණගලවත්ත පරිසර ආරක්ෂක ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් අත්සන් තැබීමද මෙහිදී සිදු වුණා.

පාසල් පරිසර නියමුවන් 08දෙනෙකු වෙත සංකේතාත්මකව පදක්කම් පැළඳවීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

මෙහිදී “සොබා” සඟරාවේ පළමු කලාපය ජනාධිපති රනිල් වික්‍රසිංහට පිළිගන්වනු ලැබූ අතර, පාසල් සඳහා ඛනිජ කට්ටල ලබාදීම, පරිසර හිතකාමී කැණිම් බලපත්‍ර ලබාදීම හා හොඳම හරිත දුම්රිය ස්ථාන 10 සඳහා සහතික පත්‍ර හා තිළිණ පිළිගැන්වීම ද සිදු වුණා.

ජගත් පරිසර දිනයට සමගාමීව පසුගිය මැයි 30 සිට ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ජගත් පරිසර දිනයට සමගාමීව මෙරට වන ගහණය වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සංවිධානය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26