2029 සා/පෙළ පවත්වන්නේ නව විෂය නිර්දේශය යටතේ – අගමැතිනිය

2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් ඒ අනුව 2029 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය නව විෂය නිර්දේශය ප්‍රකාරව පැවැත්වීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

2026 වසරේ සිට පළමු ශ්‍රේණිය සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වාදීමට ද නියමිතයි.

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව ඊයේ (16) පැවති සාකච්ඡාවක දී සඳහන් කළා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ,මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දීයි.

9 වන ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වාදීමට නියමිත බව ද අග්‍රාමාත්‍යවරිය මෙම සාකච්ඡාවේ දී පැවසුවා.

ජාතික අධ්‍යාපන ආයතනයේ එක් එක් අංශ ප්‍රධානීන් තම අංශ මගින් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරිය (අග්‍රාමාත්‍යවරිය) දැනුම්වත් කළා.

මෙය විෂය නිර්දේශය සංශෝධනය කිරිම, ගුරු පුහුණුව, පරිපාලන හා යටිතල පහසුකම් සැලසීම, නිසි ඇඟයීම් ක්‍රියාවලියක් ඇති කිරීම හා මේ සඳහා මහජන දායකත්වය යන කුළුණු 05ක් මත සිදු කරන ලද අධ්‍යාපන පරිවර්තනයක් බව හා මෙහිදී ආකල්පමය අතින් පොහොසත් ගුරුවරුන් නිර්මාණය කිරිම ජාතික අධ්‍යාපන ආයතනවල වගකීම බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.

මෙම ප්‍රතිසංස්කරණවලින් නොනැවතී මේවා ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට හා විධිමත් ඇගයුම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය, එම ආයතනයේ සියලු අංශවල ප්‍රධානීන් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14