spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2028 දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටිය යුත්තේ පුහුණු හා උපාධිධාරී ගුරුවරුන් පමණයි – අධ්‍යාපන ඇමති

පෙරපාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතු ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව එම ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත් වූ සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පවත්වන ලද සමීක්ෂණයක් අනුව පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙරපාසල් දරුවන්ගෙන් 15%ක් පමණක් බව පෙනී ගොස් ඇති බවයි.

ඒ, අනුව මෙම පෙරපාසල් ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා එම ප්‍රතිපත්ති තීරණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව කාර්යක්ෂ්මවත් ඵලදායීවත් ක්‍රියාවට නැංවීම කෙරෙහි ද අවධානය යොමු කරන බව පැවසුවා.

ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර එකම ගුරු පුහුණු විශ්වවිද්‍යාලයක් මඟින් ගුරුවරුන් උපාධිධාරීන් ලෙස පාසල් පද්ධතියට යොමු කිරීමට කටයුතු කරන බව මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියා.

ඒ, අනුව 2028 වන විට නුපුහුණු හා උපාධියක් නොමැති කිසිඳු ගුරුවරයකු අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නොසිටිනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?