2026 විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඍජුවම සුදුසුකම් ලබයි

සාර්ථක අත්හදා බැලීමේ කාල සීමාවකින් පසුව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මත අංගයක් බවට පත්කරමින් නැවතුම් ‘ඔරලෝසු රීතිය’ ස්ථිරවම ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අයි.සී.සි. සභාපති ග්රෙග් බාර්ක්ලේගේ ප්‍රධානත්වයෙන් ඩුබායිහි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්ව ඊයේ (15) පවත්වා තිබෙනවා.

සියලුම සුදු පන්දු ක්‍රීඩා සඳහා මෙම රීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය, සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ වේගය සහ උද්දීපනය පවත්වා ගැනීමට ඇති කැපවීම අවධාරණය කරනවා.

මේ අතර 2026 විස්සයි විස්ස ලෝක කුසලානය සම්බන්ධයෙන් ද විශේෂ තීන්දු තීරණ කිහිපයක් මෙහිදී ගෙන තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබන බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය න්වේදනය කර සිටියා.

ඒ, 2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා රී ලංකාව සහ ඉන්දියාවසහ සම සත්කාරකයින් ලෙස කටයුතු කිරීම හේතුවෙන්.

2026 පෙබරවාරි, මාර්තු වල පැවැත්වෙන් මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් තරග 55ක් ක්‍රීඩා ඉරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39