spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2026 විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඍජුවම සුදුසුකම් ලබයි

සාර්ථක අත්හදා බැලීමේ කාල සීමාවකින් පසුව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මත අංගයක් බවට පත්කරමින් නැවතුම් ‘ඔරලෝසු රීතිය’ ස්ථිරවම ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අයි.සී.සි. සභාපති ග්රෙග් බාර්ක්ලේගේ ප්‍රධානත්වයෙන් ඩුබායිහි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්ව ඊයේ (15) පවත්වා තිබෙනවා.

සියලුම සුදු පන්දු ක්‍රීඩා සඳහා මෙම රීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය, සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ වේගය සහ උද්දීපනය පවත්වා ගැනීමට ඇති කැපවීම අවධාරණය කරනවා.

මේ අතර 2026 විස්සයි විස්ස ලෝක කුසලානය සම්බන්ධයෙන් ද විශේෂ තීන්දු තීරණ කිහිපයක් මෙහිදී ගෙන තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබන බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය න්වේදනය කර සිටියා.

ඒ, 2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා රී ලංකාව සහ ඉන්දියාවසහ සම සත්කාරකයින් ලෙස කටයුතු කිරීම හේතුවෙන්.

2026 පෙබරවාරි, මාර්තු වල පැවැත්වෙන් මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් තරග 55ක් ක්‍රීඩා ඉරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
0
+1
11
+1
1
+1
0
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?