2025 ශූරයින්ගේ කුසලානය පැවැත්වීම හයිබ්‍රිඩ් මොඩලයට

2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය හයිබ්‍රිඩ් මොඩලයට පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අවසානයේ කැමැත්ත පළකර තිබෙනවා.

මේ අනුව එළඹෙන ශූරයින්ගේ කුසලානයේ දී ඉන්දීය කණ්ඩායම සහභාගීවන තරග සියල්ල වෙනත් මධ්‍යස්ථ රටක පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

ඒ, ආරක්ෂක හේතූන් මත ඉන්දීය කණ්ඩායම 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

එහිදී ඉන්දීය කණ්ඩායම කියා සිටියේ තම කණ්ඩායම සහභාගීවන තරග වෙනත් රටක පවත්වන ලෙසයි.

කෙසේ වෙතත් එම තීරණයට එරෙහිව දැඩි මතයක සිට කටයුතු කිරීමටයි පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

මෙවැනි තත්ත්වයක ඉන්දීය කණ්ඩායම විසින් සිදුකළ ඉල්ලීමට පාකිස්ථානය එකඟ නොවුනහොත් තරගාවලිය පාකිස්තානයේ නොපවත්වන බවට අයි.සී.සීය ප්‍රකාශ කළා.

අයි.සී.සීයේ එම ප්‍රකාශයත් සමඟ ඒ වෙනුවට තමන්ට ගෙවන සත්කාරක මුදල් වැඩි කරන ලෙස පාකිස්ථානය ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව 2031 වසර වනතුරු ඉන්දියාවේ පැවැත්වෙන ඕනෑම අයි.සී.සී තරගාවලියකට; පාකිස්තානයට හයිබ්‍රිඩ් මොඩලය ඔස්සේ සහභාගී වන බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ.

දෙපාර්ශවයම අදාළ කොන්දේසිවලට එකඟවීමත් සමඟ ශූරයින්ගේ කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධ ගැටලුව විසඳි තිබෙනවා.

ඒ, අනුව එළඹෙන 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සහභාගී වන තරග හැර සෙසු තරග පාකිස්තානයේ දී පැවැත්වෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන තරග පැවැත්වෙන මධ්‍යස්ථ රට සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.

බොහෝ දුරට එම මධ්‍යස්ත රට එක්සත් අරාබි එමීර් රාජ්‍ය හෝ ශ්‍රී ලංකාව වනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14