2025 නව වසර ශ්‍රී ලාංකිකයින් පිළිගනියි – ජනපති හා අගමැතිනියගෙන් සුබාශිංසන

2025 නව වසර අද (01) අලුයම උදා වුණා.

ඊයේ දින සිට ලොව පුරා විවිධ රාජ්‍යයන් නව වසර පිළිගත් අතර මධ්‍යම පැසිෆික් සාගර කලාපීය රාජ්‍යයක් වන ක්‍රිස්මස් දූපත් (කිරිබාටි) විසින් පළමු ව නව වසර පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුව 2025 නව වසර පිළිගත්තේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වැසියන්.

ෆිජී දූපත්, ඔස්ට්‍රෙලියාව, චීනය වැනි රාජ්‍යයන් ද ඉන් පසුව පිළිවෙළින් නව වසර උදාව සතුටු සිතින් පිළිගත්තා.

ශ්‍රී ලාංකිකයින්ට නව වසර උදා වීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙවැන්නක්;

ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගිනි.

දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින්, සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට හැකි විය. ඒ අනුව ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට මේ වන විට අපි යුහුසුළුව කටයුතු කරමින් සිටිමු.

ග්‍රාමීය දිළිදු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස අපි හඳුනාගෙන සිටිමු. සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිම අනුවයි.

මෙකී පරිවර්තනාත්මක සංවර්ධන ව්‍යායාමය සමඟ රටක් ලෙස අප 2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව මම තරයේ විශ්වාස කරමි.

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අවස්ථාව දැන් ඔබට, අපට හිමිව ඇත. අත්හළ නොහැකි මෙම භාරදූර වගකීම අප සියලුදෙනාගේ දෙවුර මත පැටවි තිබේ. ඒ වගකීම පිළිබඳ මනා අවබෝධයක් අපට ඇත. මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත්, එකී ජනතා සිහින යථාවක් කිරීමටත් 2025 නව වසරේදී තවත් වීර්යයෙන් සහ සද්-අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමු.”

සෞභාග්‍යය, එකමුතුබව සහ නව අපේක්ෂා සපිරි සුබ නව වසරක් වේවා!’යි, සාමය සහ ප්‍රගමනය උදෙසා අප හා එක්ව ප්‍රයත්න දරන ඔබ සැමට මම ප්‍රාර්ථනා කරමි. යනුවෙන් එහි සඳහන්.

මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය ද නව වසරට සුබාශිංසන එක් කර තිබෙනවා.

ඇය සඳහන් කරන්නේ මෙසේයි;

ශ්‍රී ලාංකික අපට පසුගිය 2024 වසර සැබවින්ම පරිවර්තනීය වසරක් විය. භේදයකින් තොරව එකට එක්ව සංවේදී, පිරිසිදු හා ජනතාව කේන්ද්‍ර කරගත් දේශපාලන සංස්කෘතික වෙනසක් මෙරට ජනතාව තෝරාගෙන ඇත.

වගකිවයුතු රජයක් ලෙස අපි ආර්ථිකය, කර්මාන්ත, අධ්‍යාපන ඇතුළු විවිධ තීරණාත්මක ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටිමු. සෑම පුරවැසියෙකුටම ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සාමකාමී, නිදහස්, ගෞරවනීය සහ තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි අනාගතයක් නිර්මාණය කිරීම අපගේ දැක්මයි.

පසුගිය කාලය තුළ ජාතියක් ලෙස එක්සත් වීමට අපට අවස්ථා කිහිපයක් ලැබුණ නමුත් එම අවස්ථාවන්හි නිසි ඵල ලබා ගැනීමට අප අසමත් විය. කෙසේ වෙතත්, මෙම ලැබුණු අවස්ථාව මග නොහැර, රැක ගැනීමට සාමූහිකව කටයුතු කළ යුතුය. මේ තීරණාත්මක මොහොතේ රජය මහජනතාවට සේවය කිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටී. අධිෂ්ඨානශීලීව එකාවන්ව එළඹෙන 2025 වසරට ගමන් කරමු යැයි මම ඔබට ඇරයුම් කරන්නෙමි.

දීප්තිමත් අනාගතයක් කරා යන ගමන අභියෝගාත්මක වන අතරම, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අපි දැනටමත් සැලකිය යුතු පියවර රැසක් ගෙන ඇත්තෙමු. 2025 වසර සාමකාමී, ප්‍රීතිමත් සහ සමෘද්ධිමත් වේවායි සියලු පුරවැසියන් වෙත මගේ සුබ පැතුම් පිරිනමමි.

නව වසර සාර්ථක කර ගැනීමටත්, අප රටට යහපත් අනාගතයක් උදාකිරීමටත් අප හා එක්වන ලෙස සියලුදෙනාටම නව වසර ආරම්භ කරන මේ මොහොතේ මම ආරාධනා කරමි. ලෝකය තුළ අභිමානවත් සහ සමෘද්ධිමත් ජාතියක් ලෙස “ශ්‍රී ලංකාව” යන නාමය බැබළවීමට අප සැම එක්ව කටයුතු කරමු” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
00:00
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58