spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2025 දී විභාග කාලසටහන යථා තත්ත්වයට – නොමිලේ සපත්තු බෙදාදීම හෙට සිට

2024 වසරේ අග වනවිට විභාග පැවැත්වීමේ කාලසටහන හැර, පාසලේ කාලසටහනට අනුව පාසල් විෂය නිර්දේශයන් අවසන් කිරීමට ලබාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම 2025 වසරවන විය විභාග පැවැත්වීමේ කාලසටහන යථා තත්ත්වයට ගෙන ඒමට හැකියාවක් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ මල්වතු මහා නා හිමියන් බැහැදැකීමට අද (03) මහනුවර මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර මෙවර උසස් පෙළ විභාගය මේ වනවිට නිශ්චයකර ඇති දිනයේදීම පැවැත්වීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මෙවර අයවැය මඟින් අධ්‍යාපන වැය ශීර්ෂය සඳහා වෙන්කළ මුදල පසුගිය වසරට සාපෙක්ෂන්ව වැඩිවීමක් ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර පාසල් ළමුන් සඳහා නොමිලේ සපත්තු ලබාදීමේ ව්‍යාපෘතිය හෙට (04) දිනයේ දී ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු මෙහිදී දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?