spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2025 චැම්පියන්ස් කුසලානය ගැන අයි.සී.සීයෙන් දැනුම්දීමක්

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ලීග් අදියර අවසානයේ හොඳම කණ්ඩායම් හත 2025 අයි.සී.සී ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දෙනවා.

ඊට අමතරව පාකිස්ථානය ද ශූරයන්ගේ කුසලානයට සත්කාරකින් ලෙස එක්වන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

ඒ, අනුව 2025 අයි.සී.සී ශූරයන්ගේ කුසලානය සඳහා කණ්ඩායම් අටක් එක්වීමට නියමිතයි.

2025 ශූරයන්ගේ කුසලානය සඳහාවන සුදුසුකම් ලැබීමේ නිර්ණායක 2021 දී අයි.සී.සී මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

කෙසේ වෙතත් එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ කණ්ඩායම් සඳහා 2025 ශූරයන්ගේ කුසලානයට එක්වීමේ අවස්ථාව ද මේ තීරණයෙන් ගිලිහී යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
5
+1
4
+1
4
+1
4
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?