2025 චැම්පියන්ස් කුසලානය ගැන අයි.සී.සීයෙන් දැනුම්දීමක්

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ලීග් අදියර අවසානයේ හොඳම කණ්ඩායම් හත 2025 අයි.සී.සී ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දෙනවා.

ඊට අමතරව පාකිස්ථානය ද ශූරයන්ගේ කුසලානයට සත්කාරකින් ලෙස එක්වන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

ඒ, අනුව 2025 අයි.සී.සී ශූරයන්ගේ කුසලානය සඳහා කණ්ඩායම් අටක් එක්වීමට නියමිතයි.

2025 ශූරයන්ගේ කුසලානය සඳහාවන සුදුසුකම් ලැබීමේ නිර්ණායක 2021 දී අයි.සී.සී මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

කෙසේ වෙතත් එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ කණ්ඩායම් සඳහා 2025 ශූරයන්ගේ කුසලානයට එක්වීමේ අවස්ථාව ද මේ තීරණයෙන් ගිලිහී යනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22