2025 උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 තෙක්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව 2025 ජුනි මස 26 දින සිට 2025 ජුලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවද සඳහන්.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු බවයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.

අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බව ද එහි සඳහන්.

එමෙන්ම පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළයුතු පරිශීලක නාම (user name) හා මුර පද (password) පාසල් ප්‍රධානීන් වෙත ලබා දී තිබෙනවා.

2025 ජුලි මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැකි බවයි වාර්තා වන්නේ.

කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද එම නිවේදනය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කිසියම් වීමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් විමසීම් කළ හැකියි.

දුරකථන අංක 0112784208/0112784537/0112785922
ක්ෂණික ඇමතුම් අංකය 1911



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25