spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2024 IPL තරගාවලියේ දී දෝනිගෙන් නව භූමිකාවක් ?

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය හරහා තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීමට සූදානමින් සිටින ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි අයි.පී.එල් තරඟාවලියේ නව භූමිකාවක් පිළිබඳව ඉඟිකර තිබෙනවා.

ඒ, ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ සටහනක් තබමින්.

කෙස් චෙන්නායි සුපර් කිංග්ස් නායකයා ඊයේ දිනයේ මෙලෙස සමාජ මාධ්‍ය තුළ යළි සක්‍රීයවීමත් සමඟ ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

“නව සමය සහ නව භූමිකාව සඳහා බලා සිටිය නොහැක, රැඳී සිටින්න” යනුවෙන් දෝනි සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනේ දැක්වෙනවා.

සමාජ මාධ්‍ය තුළ දුර්ලභ චරිතයක්වන දෝනි මෙලෙස තැබූ සටහන බොහෝ දෙනෙකුගේ මනසට ප්‍රශ්නාර්ථයක් එක්කර තිබෙනවා.

2023 ජයග්‍රාහී සමයෙන් පසු නැවත තරඟාවලියට පැමිණෙන බවට පොරොන්දු දෝනි බොහෝ දුරට ක්‍රීඩා කරනු ලබන අවසන් අයි.පී.එල්. තරගාවලිය මෙය වනු ඇති.

6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
1
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?