ලබන වසරේ දී (2024) මෙරට දී පැවැත්වීමට නියමිත ව තිබූ 19 න් පහළ ලෝක කුසලානය පැවැත්වීමේ ස්ථානය වෙනස් කර තිබෙනවා.
මෙම වෙනස් කිරීමෙන් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ඉවත් කර, එම තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි ගෙන ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙනුයි මෙම තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන තිබෙන්නේ.













