spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2024 විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කර තිබෙනවා.

එසේම පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කළ එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ මුදල් පනත් කෙටුම්පත්වලට ද කථානායකවරයා සිය සහතිකය අද (13) සටහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය කියාසිටියේ.

ඒ අනුව 2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත, 2023 අංක 33 දරන මුදල් පනත සහ 2023 අංක 34 දරන විසර්ජන පනත ලෙස මෙම පනත් කෙටුම්පත් බලාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?