spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2024 වසරේ අයවැය අද පාර්ලිමේන්තුවට

2024 මූල්‍ය වර්ෂය සඳහා වන රජයේ අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉදිරිපත් කරනු ලබන 78 වන අයවැය මෙය වනවා.

අද (13) දහවල් 12.00ට ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ඉදිරිපත් කරන දෙවන අයවැය මෙයයි.

මේ අතර අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14) දිනයේ ආරම්භ කෙරෙන අතර, එම විවාදය ලබන 21 වැනිදා දක්වා දින 07ක් පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනෙනවා.

අයවැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම මේ මස 21 වැනිදා අඟහරුවාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මේ මස 22 වනදා සිට ලබන දෙසැම්බර් මස 13 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙවත් අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වැනිදා බදාදා පස්වරු 6.00ට පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?