2024 ලෝක රූ රැජින චෙක් ජනරජයෙන්

2024 ලෝක රූ රැජින ලෙස චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා කිරුළු පැළඳියා.

71 වැනි ලෝක රූ රැජින තරගය අතිඋත්කර්ශවත් ලෙස මෙවර පැවැත් වුණේ ඉන්දියාවේ මුම්බායි හිදීයි.

මෙවර තරගාවලිය සඳහා ලොවපුරා රටවල් 115ක තරඟකාරියන් එක්ව සිටියා.

2022 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳ මෙතෙක් කළක් එම කිරුළ දරාගෙන සිටි පෝලන්තයේ කැරොලිනා බිලව්ස්කා විසින්, 2024 ලෝක රූ රැජින ලෙස අභිසෙස් ලැබූ ක්‍රිස්ටිනා පිස්කෝවා හට ඔටුන්න පළන්දවනු ලැබුවා.

නිරූපිකාවක් වන 24 හැවිරිදි ක්‍රිස්ට්යානා පිස්කෝවා නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් උපාධි හදාරමින් සිටින තැනැත්තියක්.

ලෝක රූ රැජින සංවිධානයට අනුව, ක්‍රිස්ටිනාගේ සාඩම්බරතම අවස්ථාව වූයේ ටැන්සානියාවේ අඩු වරප්‍රසාද ලත් ළමුන් සඳහා ඉංග්‍රීසි පාසලක් විවෘත කිරීම ඇය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමයි.

මේ අතර ලෙබනනයේ යස්මිනා සයිටූන් 2024 ලෝක රූ රැජින තරගාවලියේ අනුශූරිය ලෙස කිරුළු පැළඳියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03