spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2024 ලෝක රූ රැජින චෙක් ජනරජයෙන්

2024 ලෝක රූ රැජින ලෙස චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා කිරුළු පැළඳියා.

71 වැනි ලෝක රූ රැජින තරගය අතිඋත්කර්ශවත් ලෙස මෙවර පැවැත් වුණේ ඉන්දියාවේ මුම්බායි හිදීයි.

මෙවර තරගාවලිය සඳහා ලොවපුරා රටවල් 115ක තරඟකාරියන් එක්ව සිටියා.

2022 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳ මෙතෙක් කළක් එම කිරුළ දරාගෙන සිටි පෝලන්තයේ කැරොලිනා බිලව්ස්කා විසින්, 2024 ලෝක රූ රැජින ලෙස අභිසෙස් ලැබූ ක්‍රිස්ටිනා පිස්කෝවා හට ඔටුන්න පළන්දවනු ලැබුවා.

නිරූපිකාවක් වන 24 හැවිරිදි ක්‍රිස්ට්යානා පිස්කෝවා නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් උපාධි හදාරමින් සිටින තැනැත්තියක්.

ලෝක රූ රැජින සංවිධානයට අනුව, ක්‍රිස්ටිනාගේ සාඩම්බරතම අවස්ථාව වූයේ ටැන්සානියාවේ අඩු වරප්‍රසාද ලත් ළමුන් සඳහා ඉංග්‍රීසි පාසලක් විවෘත කිරීම ඇය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමයි.

මේ අතර ලෙබනනයේ යස්මිනා සයිටූන් 2024 ලෝක රූ රැජින තරගාවලියේ අනුශූරිය ලෙස කිරුළු පැළඳියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?