2024 උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල්වල – ශිෂ්‍යත්වයට දුන්නු අධිකරණ නියෝගය ගැනත් ප්‍රකාශයක්

2024 වර්ෂයට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (31) දිනයෙන් සාර්ථක ව අවසන් කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවෙදනය කරනවා.

අද (31) දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ඒ සඳහා සහයෝගය ලබාදුන් සියලු ම පාර්ශ්වයන් වෙත සිය ගෞරවය සහ ස්තුතිය පුද කරන බවයි.

නොවැම්බර් මාසයේ 26 වැනි දින සිට පුරා දින තුනක කාලයක් උසස් පෙළ විභාගය තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට සිදු වුණා.

ඒ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

එලෙස විභාගය දින තුනක් හෝ ප්‍රමාද කර පැවැත්වීමෙන් දරුවන්ට සිදු වීමට ඉඩ තිබූ මානසික පීඩනය අවම කරගැනීමට හැකි වූ බවත් එම තීන්දුව ඉතාමත් කාලෝචිත බවත් තමන් විශ්වාස කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

එම දිනවල ගත යුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් උපදෙස් දෙමින් කටයුතු කළ ජනාධිපති, අගමැති ප්‍රමුඛ දේශපාලන අධිකාරියට මෙන් ම විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ ආරක්ෂක අංශ වෙත විභාග කොමසාරිස්වරයා සිය ස්තුතිය පුද කළා.

එලෙස කල් දැමුණු විභාගයේ මගහැරුණු විෂයයන් යළිත් දෙසැම්බර් අවසාන සතියේ ආරම්භ වූ අතර එම විෂයයන් ද අද දිනයෙන් පවත්වා අවසන් කෙරුණා.

මෙවර විභාගයේ කිසිදු අර්බුදයක් වාර්තා වී නොමැති බවයි විභාග කොමසාරිස්වරයා පැවසුවේ.

එමෙන්ම උසස් පෙළ විභාගය පිළිතුරු පත්‍ර කඩිනමින් ඇගයුම් කටයුතුවලට භාජනය කර 2025 අප්‍රේල් මාසය වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට ද බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අද දින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමන් හට පිටු 68කින් සමන්විත තීන්දුවක් 5 ශිෂ්‍යත්ව අර්බුදය සම්බන්ධයෙන් ලද බවත්; නඩු තීන්දුව අධ්‍යයන කරමින් සිටින බවත්; ඒ සඳහා කඩිනම් තීරණයක් ගැනීමට තමන් හට අධිකරණයෙන් නියෝග හිමි ව ඇති බවත් අමිත් ජයසුන්දර මහතා පැවසුවා.

ඒ සම්බන්ධයෙන් ලබා ගන්නා නිර්දේශ පිළිබඳ ව ඉදිරියේ දී දැනුම්දෙන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

අදාළ නිර්දේශ තමන්ගේ පාර්ශ්වයෙන් ලබාදීමට දින 40ක කාලයක් ගත වන බවත් මේ වන විට අධිකරණ නියෝග අනුව ශිෂ්‍යත්ව ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු ද නතර කර ඇති බවත් ඔහු කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15