spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2024 අයි.පී.එල් පැවැත්වෙන කාලවකවානුව නිවේදනය කරයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලවකවානු මේ වනවිට නිවේදනය කරනවා.

ඒ, අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ මෙවර තරගාවලිය මාර්තු 22 වනදා සිට මැයි මස 26 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

බටහිර ඉන්දීය කොදෙව් සහ කැරිබියන් දූපත් හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට දින පහකට පෙර මෙවර අයි.පී.එල් තරගාවලිය අවසන් කිරීමට සැලසුම්කර තිබීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය පළමු තරගය දින නවයකට පසුව එනම් ජුනි 05 වැනිදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

එමෙන්ම බොහෝ ක්‍රිකට් පාලක මණ්ඩලවලින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල වෙත සහතිකකර ඇත්තේ මෙවර තරගාවලියට එක්වන ඔවුන්ගේ ක්‍රීඩකයන් අවසන් මහා තරගය දක්වා රැඳී සිටින බවයි.

මේ අතර මෙවර අයි.පී.එල් කාල සටහනට ක්‍රියාත්මක කාලය තුළ ඉන්දීය මහා මැතිවරණ කාලසටහන ද සම්බන්ධ වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?