spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2024 අයි.පී.එල් තරගාවලියට කොල්කටාවෙන් තවත් වෙනසක්

2024 අයි.පී.එල් තරගාවලිය සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ක්‍රීඩක ආදේශනයක් සිදු කර තිබෙනවා.

මේ අනුව එංගලන්ත ක්‍රීඩක ෆිල් සෝල්ට්ව කොල්කටා කණ්ඩායම සදහා ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම ආදේශනය සිදු කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත මෙවර අයි.පී.එල් තරගවාරයෙන් ඉවත් වන බව දැනුම් දුන් එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි වෙනුවටයි.

මෙහිදී ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මුදලකට ෆිල් සෝල්ට්ව කොල්කටා සංචිතයට එක් කර ගෙන තිබෙනවා.

ෆිල් සෝල්ට් ක්‍රීඩා කරන දෙවන අයි.පී.එල් තරගාවලිය මෙය වනු ඇති.

එමෙන්ම පසුගිය දිනෙක ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරවද සිය කණ්ඩායමට එක් කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?