spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2024 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද

2024 වර්ෂය සඳහාවන අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි.

ඒ, අනුව දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 6.00ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය සඳහා දින 07ක් වෙන්කර තිබුණා.

ඒ, අනුව නොවැම්බර් 13 වනදා ජනාධිපතිවරයා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, පසුගිය 14 වනදා සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේ දී ආරම්භ කළා.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 බදාදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට ඇත්තේ දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 6.00ටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?