spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2024 අයවැය ගැන දැනුම්දීමක්

2024 වසර සඳහා වන අයවැයට අදාළ වැඩසටහන පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය කතාව නොවැම්බර් 13 වැනි සඳුදා දහවල් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අයවැය යෝජනාවට අනුව දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 14 වනදා ආරම්භ වන අතර එය 21 වනදා දක්වා පැවැත්වෙනවා.

අය වැය විවාදය දින හතකක් පෙරවරු 9.30 සිට පස්වරු 6 දක්වා පැවැත් වීමටයි නියමිතව ඇත්තේ. 2024 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනිදා සවස 6ට සිදු කෙරෙනවා.

තෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

කාරක සභා අවස්ථා විවාදය ද පෙරවරු 9.30 සිට පස්වරු 6 දක්වා දින 19ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

2023 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා සවස 6ට පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?