2024ට සාපේක්ෂව මෙම වසරේ අලි මරණ වැඩිවේවි – වනජීවි අධ්‍යක්ෂක ජනරාල් (වීඩියෝ)

ඉඩෝරය සහ වෙනත් පාරිසරික සාධක මත පසුගිය 2024 වසරට සාපේක්ෂව මෙම වසරේ අලි මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් වාර්තා වනු ඇතැයි වනජීවි අධ්‍යක්ෂක ජනරාල් රන්ජන් මාරසිංහ පවසනවා.

ලෝක අලි දිනය වෙනුවෙන් ඊයේ (12) දින ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියේ 2024 වසර තුළ අලි මරණ 388ක් වාර්තා වී ඇති බවයි.
කෙසේ වෙතත් 2023 වසරේ දී අලි මරණ 488ක් වාර්තා වී ඇති බවත්, එවැනි උපරිම තත්වයක් මෙම වසරේ දී වාර්තා නොවනු ඇතැයිද ඔහු මෙහිදී කියා සිටියා.

මේ අතර මෙම වසරේ ඉඩෝරය ඉකුත් වසරට වඩා වැඩි කාලයක් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

අලි-මිනිස් ගැටුම අවම කිරීමට අදාළව සැලසුමක් සකස් කිරීමට කටයුතු කරන බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසුවා.

පුත්තලම, අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල අලි-මිනිස් ගැටුම සම්බන්ධව ඇති වී තිබෙන ගැටළු විසදීමට ප්‍රායෝගික වැඩ සැලැස්මක් සැලසුම් කර තිබෙන බවද, මෙම වසර තුළ දී එය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර තුවාල ලබා සිටින වන අලි 12 දෙනෙකුට ප්‍රතිකාර කරමින් සිටින බවත්, මෙහිදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (වනජීවි සෞඛ්‍ය) තාරක ප්‍රසාද් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46