2024ට සාපේක්ෂව මෙම වසරේ අලි මරණ වැඩිවේවි – වනජීවි අධ්‍යක්ෂක ජනරාල් (වීඩියෝ)

ඉඩෝරය සහ වෙනත් පාරිසරික සාධක මත පසුගිය 2024 වසරට සාපේක්ෂව මෙම වසරේ අලි මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් වාර්තා වනු ඇතැයි වනජීවි අධ්‍යක්ෂක ජනරාල් රන්ජන් මාරසිංහ පවසනවා.

ලෝක අලි දිනය වෙනුවෙන් ඊයේ (12) දින ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියේ 2024 වසර තුළ අලි මරණ 388ක් වාර්තා වී ඇති බවයි.
කෙසේ වෙතත් 2023 වසරේ දී අලි මරණ 488ක් වාර්තා වී ඇති බවත්, එවැනි උපරිම තත්වයක් මෙම වසරේ දී වාර්තා නොවනු ඇතැයිද ඔහු මෙහිදී කියා සිටියා.

මේ අතර මෙම වසරේ ඉඩෝරය ඉකුත් වසරට වඩා වැඩි කාලයක් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

අලි-මිනිස් ගැටුම අවම කිරීමට අදාළව සැලසුමක් සකස් කිරීමට කටයුතු කරන බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසුවා.

පුත්තලම, අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල අලි-මිනිස් ගැටුම සම්බන්ධව ඇති වී තිබෙන ගැටළු විසදීමට ප්‍රායෝගික වැඩ සැලැස්මක් සැලසුම් කර තිබෙන බවද, මෙම වසර තුළ දී එය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර තුවාල ලබා සිටින වන අලි 12 දෙනෙකුට ප්‍රතිකාර කරමින් සිටින බවත්, මෙහිදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (වනජීවි සෞඛ්‍ය) තාරක ප්‍රසාද් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14