2023 වසරේ සංචාරය කරන්න හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව මුල් තැනට

TravelTriangle නම් සංචාරක වෙබ් අඩවියට අනුව 2023 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ රන්වන් වෙරළ, වන සතුන්ගෙන් පොහොසත් වනාන්තර, තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කඳු ශ්‍රී ලංකාව සංචාරය කිරීමට හොඳම ආසියානු රටවලින් එකක් බවට පත් කරන බවයි.

“මෙම දූපතේ සුන්දරත්වය සහ භෞතික විවිධත්වය ගැන සංචාරකයන් පුදුම වෙනවා. ශ්‍රී ලංකාවේ සිව්වන උසම කඳු මුදුන වන ශ්‍රී පාදස්ථානයේ සිට දර්ශනය සිත් ඇදගන්නා සුළු බව දන්නා කරුණකි. ඔබේ යෝග්‍යතා මට්ටම අනුව පැය 5-6ක් ඇතුළත ඔබට මෙම ලෝක උරුම අඩවියට නැඟිය හැක.”

ලොව විශාලතම ක්ෂීරපායී සත්වයා වන නිල් තල්මසුන් දැක ගැනීමට ශ්‍රී ලංකා සංචාරයේදී හැකිවන බවයි TravelTriangle සංචාරක වෙබ් අඩවිය ප්‍රකාශ කළේ.

Travel Trinagle හි දක්වා ඇති ශ්‍රී ලංකාව පිළිබඳ උපදෙස්:

සංචාරය කිරීමට හොඳම කාලය: දෙසැම්බර්-මාර්තු

කළ යුතු දේ: කඳු නැගීම, ඇල්ලට දුම්රිය ගමන, අලි සෆාරි, තේ වතු සංචාරය,

සංචාරක ආකර්ෂණ ස්ථාන: සීගිරිය පර්වතය, ශ්‍රී පාදස්ථානය, දඹුල්ල ලෙන් විහාරය, ලන්දේසි කොටුව

භාෂාව: සිංහල සහ දෙමළ

මුදල්: ශ්‍රී ලංකා රුපියල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38