spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2023 වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා අවශ්‍ය අරමුදල් නිදහස් කෙරේ

පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලුම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට නිදහස් කිරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

පසුගිය වසර 25ක කාලය තුළ වසරක් තුළදී එම වසරේ අනුමත සියලු ගෙවීම් පියවූ එකම වසර බවට ඒ අනුව 2023 වසර පත් වනු ඇති.

2022 වසරේ දෙසැම්බර් මස වන විට ඊට පෙර මාස 18කට අධික කාලයක් තුළ එකතු වී ගෙවිය යුතුව තිබූ හිඟ විශ්‍රාමික පාරිතෝෂිත ද ඇතුළුව 2023 වසරේ දෙසැම්බර් 19 දක්වා එදිනට විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා ද විශ්‍රාමික පාරිතෝෂිත දීමනා නිසි පරිදි ගෙවීමට අවශ්‍ය අරමුදල් ද මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?